Sunday, August 6, 2017

අදිටන....

අදිටන....

 

 

 

 

 

 

 

රතු මලක් නොවෙමි මම

කුහක බඹරුන්ට පැණිම සපයන....

සුදු මලක් නොවෙමි මම

ප්‍රේමයේ මල්වඩම් සරසවන....

පෙති මලක් නොවෙමි මම

වැසි පොදට පෙති හැලෙන....

ඉටි මලක් ලෙස හිඳිමි

උදේ පිපී සවස පර නොවන....


කුටුම්භය දෙදරයි....

කුටුම්භය දෙදරයි....

 

 

 

 

 

 

 

 

 

පෙර මැවූ සිහින මන්දිර

අළුවෙලා ගොස් කොහේ දෝ....

දුන් පැතුම් ගඟ සිඳී ඇත අද

රැය පුරා මල් පැණි රහ දැනේ....

අදත් රන්කඳ අසිහියෙන් කිම

ඇසූ සැණෙකින් කෙස් රොඳ අතේ....

කියන්නට උඩ දෙවියොවත් නැත

නොදරුවොත් අපෙ අනතුරේ....

දනීනම් මගෙ අදර මව්පිය

කොතෙක් නම් මෙය උහුලතේ....




පන්ති විෂමතාවය

පන්ති විෂමතාවය

 












බලා හිඳියි
හෙප්පුව මත හැඩවී යසට
බුලත් කොළ රංචුව
එහාට මෙහාට
තොරතෝංචියක් නැතිව
ඇඹරෙන පෙරලෙන
විවේකයක් නැති කටවල් දෙස
ඊළඟ වාරය තමන්ට
බව  දැන දැනම
හත අතට නැමී
පුවක්, හුනු සමඟ
එකට දුම්කොළද
කලබල හිතුවක්කාර
හකුවල හිරි ඇර ගනිමින්
ඒ හක්කෙන් මේ හක්කට
මේ හක්කෙන් ඒ හක්කට පැන
පිළිකුල උපද්දන
කෙළ ගොඩක් සේ
යකඩ සපත්තු වලට
පෑගී යන්නට
පතිත කරනු ඇත
රස විඳි පසුව....

විරුවෙකෙුට පෙම් බැන්දෙමි.....

 

විරුවෙකෙුට පෙම් බැන්දෙමි.....

 


 

                                                          හඩු ගැසුණු කමීසයෙ
                                                          වැගිරුණා දාබිඳුම
                                                          ණයට ඉල්ලා නොගත් පෙම් දියර
                                                          නොවින්දෙමි කිසිදාක....
                                                          දැනුණි තෙත බරිත වූ
                                                          ජය දියේ සුවඳ මට....
                                                          කෑගසා සටන මැද
                                                          උඹෙ හඬත් රළුව ඇත....
                                                          එදත් උඹ වෙනද මෙන්
                                                          ගියා මට පිටුපාම....
                                                          රතු මලක් ගෙන සැවොම
                                                          පුදයි ඔබෙ පිළිරුවට...
                                                          මං හිඳියි හිටි වනම
                                                          ඔබ නොඑන බව දැනම....



මතකයේ වැළපිල්ල .....

මතකයේ වැළපිල්ල .....                      


















ඉරබැස යන හැන්දෑවට
අසයි මගෙන් දැන් නිතරම...
තනිව කිමද
බට පඳුර අසළ...
කොහිඳ අසයි බට නලාවෙ
පෙර ගැයු ඒ මියුරු නාද...
දැන් කිම්දැයි බටනලාව
අඬා හැපෙන්නේ මේලෙස...
ගං දෑලත් නිහඬය අද
නිතර අසයි මගෙ මිහිරිය...
උත්තර නෑ මට දෙන්නට
හනික වරෙන්
මගෙ තුරුලට....


Friday, August 4, 2017

සංග්‍රාමයෙන් පසු.....

                                            

                                    සංග්‍රාමයෙන් පසු.....

                                            
 
අහන්න
හදවතට තට්ටු කර
ඔබ කළ කී දෑ
නිවැරදි ද කියා....
සිතන්න
දහස් ගණන් ගැහැණුන්
වැන්දඹුවන් වූ නියා....
කියන්න
කෙනෙක් නැත උන්ට
අප්පච්චී යැයි කියා.....
දැනෙන්නේ
දැනුයි මට
ජීවිතය දුන්නේ
ඔබ කියා......
නගන්න
ඔල්වරසන් හඬ
දිනූ ජීවිතය
ඔවුන්ගේ කියා....

                       

Thursday, August 3, 2017

අහිමි වීම....

                                           අහිමි වීම.....

 

එපා සඳ මතු එන්න
අහස් කුස දෙබෑකර...
නිගා දෙයි තරු රංචු
උබේ ඔය සොමි වතට....
එපා සඳ පායන්න
අළු කරයි රවිගෙ රැස...
දරන්නට බැරි තරම්
සියුමැලියි උඔ තවම...
තාරකා රවි සමඟ
කරයි සයනය නිතර...
කප් වනස අත ළඟයි
සිත කියයි නිරතුරුව...
ඵලක් නැත අප දෙදෙන
එක්ව හිඳ මේ විලස...
හිරු කවදා සඳු සමඟ
එක්වරම පෑයුවෙද....

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...