Sunday, July 30, 2017

තොටගමුවේ සිරි රහල් හිමි ගැන ඔබ නොදත් ඉතිහාසය....

තොටගමුවේ සිරි රහල් හිමි ගැන ඔබ නොදත් ඉතිහාසය....

 


     ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයා අතර ගෞරවාදරයට පත් සංඝ පීතෘවරයේ වරයෙක් ලෙස ෂඞ්භාෂා පරමේෂ්වර   තොටගමුවේ ශ්‍රි රාහුල හිමියන් හඳුන්වා දිය හැකිය. උන්වහන්සේ අවසාන කාලය ඇල්පිටිය, අම්බන පිහිටි ඉඳුරුගිරි ලෙනෙහි වැඩ විසූ බවට ඉතිහාස ග්‍රන්ථ සඳහන් කරයි.

      භූ විද්‍යාත්මක වශයෙන් ඉතාමත් ආරක්ෂිත කඳු වළල්ලකින් වටවී ඇති ඉඳුරුගිරි ලෙන සමාජ, ආගමික, ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විතයි.

      වර්ෂ 1476 දී රාහුල හිමිපාණෝ ඇල්පිටිය, අසබන ප්‍රදේශයට වැඩම කරන්නේ 2 වන ජයබාහු කුමරු සහ සපුමල් කුමරු අතර රාජ්‍යත්වය පිළිබඳ ගැටුමෙන් අනතුරුවයි. සපුමල් කුමරු යාපනයේ කැරැල්ල නිමාකර පැමිණෙන විට 2වන ජයබාහු කුමරු රාජ්‍යත්වයට පත්ව සිට ඇත. සපුමල් කුමරු ද්‍රවිඩ පුද්ගලයෙකි. »» වන ජයබාහු කුමරු සමග ගැටුමක් ඇතිකර ගනී. අවසානයේදී සපුමල් කුමරු »» වන ජයබාහු කුමරු මරා දැමුවේය.  2 වන ජයබාහු කුමරුගේ සහයට සිටි රාහුල හිමියන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට සපුමල් කුමරු ඇතුළු පිරිස කටයුතු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

        එයට හේතුව වූයේ උගත් හිමි නමක වීම සහ නකෂත්‍රයේ පරතෙරට ගිය හිමි නමක වීම රාහුල හිමිගේ අවශ්‍යතාවය රාජ්‍යත්වයට යොදාගත හැකි වීමයි. එකල තොටගමුව තෙල්වත්ත රන්පත් රජමහා විහාරය දකුණු ආසියාවේ එකම උසස් අධ්‍යාපන ආයතනය විය.එහි උපකුලපති වූයේ තොටගමුවේ රාහුල හිමියන්ය. පසුව රාහුල හිමි මොණරාගල, වීරකැටිය, බද්දේගම ආදී ප්‍රදේශ හරහා  අම්බනට පළාවිත් වාසය කර තිබේ. උන්වහන්සේ සමග පැමිණි පිරිස සිල්වත්ගොඩ, මහම්මයිදුව, ගනේගොඩ, අම්පිටිය, කපුගෙවත්ත, මලපලාවත්ත, දෙය්යන්ගෙ කුඹුර ආදී ගම් ජනාවාස කොට ගනිමින් රාහුල හිමියන්ට දානාමානාදියෙන් සංග්‍රහ කරමින් වාසය කර ඇති බව ජනප්‍රවාදය සාක්ෂි දරයි.

         ගැටබරු දේවාලය ද අම්බන ඉඳුරුගිරි ලෙනට සම්බන්ධයක් පවතින බව චීන ඉතිහාස ග්‍රන්ථ සඳහන් කරයි. රඡ්ජුරු බණ්ඩාර කුමරු ගැටුමකින් මරණයට පත්විය. ඔහුගේ දේවත්වය සංකේතය ලෙස සලකනු ලබන්නේ මෙම ඉඳුරුගිරි ලෙනයි. මෙවන් මනා සැගවුණු ඉතිහාසයක් මෙම ලෙන සම්බන්ධයෙන් ඇති බව විහාරවාසී චන්දිම හිමියෝ පවසති.

         මෙම ලෙන පිළිබඳව චීන ඉතිහාස ග්‍රන්ථයට වෙනස් වූ කතාන්දරයක් ජනප්‍රවාදයේ පවතින බව විහාරවාසී පූජ්‍ය ජුලංගැටේ චන්දිම හිමියෝ පැවසූහ.

         නක්ෂත්‍රය පරතෙරට ගිය රාහුල හිමියන් තමන්ගේ මරණය සිදුවන මොහොත පූර්වයෙන් දන්නා බැවින් දේහය දිගු කලක් සුරක්ෂිතව තබා ගැනීම සඳහා සිද්ධාලෝක රසය නම් ඹෟෂධය වැළදූ බව සඳහන් වේ.

         එසේම ඡන්තාගර වතට වැඩම කළ රාහුල හිමියන් නියමිත වෙලාවට පිටතට ගැනීමට නොහැකි වීමෙන් උන්වහන්සේ අපවත් වී තිබේ. ඡන්තාගර වත යනු බෙහෙත් දුම හා බෙහෙත් ඇග ගල්වාගෙන සිටින බෙහෙත් ගබඩාවක් වැනි ස්ථානයකි.

 

 

          විනය පොතෙහි සඳහන් වන්නේ ඡන්තාගර වතට යන විට විශ්වාසවන්තම ගෝලයා ළඟ තබාගෙන එයට ඇතුල් වන ලෙසයි.  විහාරවාසී පූජ්‍ය ජුලංගැටේ චන්දිම හිමි පවා සඳහන් කරන්නේ විශ්වාසවන්තම ගෝලයා වූ පුංචි ඉත්තාට රාහුල හිමියන්ව ඡන්තාගර වතින් එළියට ගැනීමට අමතක වී උන්වහන්සේ වර්ෂ 1491 දී අපවත් වූ බවයි. පෘතුගීසීන් විසින් රාහුල හිමිගේ නොදිරන දේහය පියතුමාගේ දේහය සේ සළකා ගෝව නගරයේ බොම්ජේසු දේවස්ථානයේ තබා ඇතිබව ජනප්‍රවාදයේ සඳහන්ය.

එහෙත් බෞද්ධ ජනයාගේ විශ්වාසය එම දේහය රාහුල හිමිගේ නොදිරන ලද දේහය බවයි.


බෞද්ධ දර්ශනයට අනුව විවේකය අර්ථ සම්පන්නව ගත කරන්නේ මෙහෙමයි.

    බෞද්ධ දර්ශනයට අනුව  විවේකය අර්ථ සම්පන්නව ගත කරන්නේ මෙහෙමයි.

     
       

 

විවේකයක් ලද විටකදී පුද්ගලයා එම විවේකය අර්ථ සම්පන්නව ගතකළ යුතු වේ. විවේකයක් ලද වි ටකදී ඇතැමුන් එය අර්ථ ශුන්‍ය ලෙස දමයි. එහිදී ඔවුන් විවේකය ගත කරන්නේ රාග ද්වේෂ මෝහ යන කෙළෙස් , මතුවන ආකාරයෙනි. බුදුන් වහන්සේ මග පෙන්වන්නේ  පුද්ගලයා විවේකයක් ලද විටකදී පාපී විනෝදයෙන් බැහැරව අර්ථ සම්පන්න ධාර්මික විනෝදයට පිවිස ධාර්මික ප්‍රීති සුවය හෙවත් ධර්මාස්වාදය ලැබිය යුතු බවයි. බෞද්ධයාට ධාර්මික විනෝදය ලද හැකි ආකාර දෙකකි. එනම්,  

 1. කේවල ධාර්මික විනෝදය ලද හැක. 

 2.සාමූහිකව ධාර්මික විනෝදය ලද හැක. 

ධාර්මික විනෝදය ලැබීම පිණිස බෞද්ධයාට අනුමත ධාර්මික ක්‍රියාමාර්ග සහ පිළිවෙත් රැසකි.
    

  විවේකය අර්ථ සම්පන්නව ගතකිරීම සඳහා බෞද්ධයාට කේවලව හෝ සාමූහිකව දස පුණ්‍ය ක්‍රියා වලට පිවිසිය හැකිය. එනම්, දානය, ශීලය, භාවනාව, පත්තිදාන, පත්තානුමෝදනා, වෛ්‍යියාවච්ච, අපචායන, ධම්ම දේසනා, ධම්ම සවන, දිට්ඨිජු කම්ම ආදියෙනි.
     දානය යනු දීමයි.ශීලය යනු කය හා වචනය සංවර කර ගැනීමයි. භාවනාව යනු සිත සමාධි ගත කර ගැනීමයි. පත්තිදාන යනුවෙන් අදහස් කරන්නේ පින් දීමයි. පින්අනුමෝදන් කිරීම පත්තානුමෝදනා නම් වේ. වතාවත් පිළිවෙත් කිරීම වෛ්‍යියාවච්ච නමින් හඳුන්වයි. පිදිය යුත්තන් පිදීම අපචායනයයි.ධර්ම දේශනා යනු යහපත් වූ ධර්මය දේශනා කිරීමයි. යහපත් වූ ධර්මය ශ්‍රවණය කිරීම ධම්ම සවන නම් වේ. පුද්ගලයා සමාජය පිළිබඳ නිවැරදි වූ දැක්මක් ඇතිකර ගැනීම දිට්ඨිජු කම්මයයි. මෙම පුණ්‍ය ක්‍රියා වලට කේවලව හෝ සාමූහිකව එක්වී ධාර්මික ජීවිත සුවය ලද හැකිය.
    විවේකය අර්ථ සම්පන්නව ගතකිරීම සඳහා බෞද්ධ ජනයා කේවලව හෝ සාමූහිකව එක් වී පොදු කටයුතුවල නිරත වේ. පෙරහැර, තොරණ, දන්සැල, පිරිත් පින්කම්, සංවිධානය කරයි. මල් පහන් පූජා, බෝධි පූජා පවත්වයි. තවත් සමහරු බොදු බැති ගී ගායනා කිරීම්, ජාතක කථා කියා දීම් හා ශ්‍රවණය කිරීම්, බෞද්ධ නාට්‍ය රග දැක්වීම්, සදහම් චාරිකා පංච තූර්ය වාදනය් පැවැත්වීම්, තුළින් ධාර්මික සුවය අත්විඳීති.
    ස්ථූප, බුදු පිළිම පිළිම ගෙවල්, වටදාගෙය, උපොසථාගාර, සන්නිපාතශාලා, ඉදි කිරීමට පෙළඹේ. එම වෙහෙර විහාර ආශ්‍රිතව මුරගල, දොරටු පාල රූප, පියගැට පෙළ, වාමන රූප, සඳකඩ පහන, වැළිමළුව ආදිය ඉදි කරනු ලබයි. මෙකී ක්‍රියාකාරකම් තුළින් බෞද්ධයාට ධාර්මික ජීවන ආශ්වාදය ලැබිය හැකිය.

තල් අරණේ සුන්දර ලෝකය....

 තල් අරණේ සුන්දර ලෝකය

                                  යාපනය....

Saturday, July 29, 2017

මුරුංගා වල විශ්මිත ගුණ....

                     මුරුංගා වල විශ්මිත ගුණ.....

     

        බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය ගුණය අසාමන්‍ය ගුණ සමුදායකින් සමන්විත  වේ. වත්මන් තරුණ පරපුර එතරම් රුචිත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි. හේන් මුරුංගා, මස් මුරුංගා, වැට මුරුංගා, ඒ අතර කිහිපයකි. ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය වීමට මෙම ශාකයට හැකිය. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මුරුංගා ශාකය බහුලව දැකගත හැකිය. ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද තුනකි. එහිදී මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු ඖෂධ සඳහා යොදා ගනී.

       මුරුංගා විෂ නාෂක ඖෂධයකි. දැල්ලෝ, ඉස්සෝ වැනි ආහාර පිසින විටදී එයට මුරුංගා කොළ ටිකක් එකතු කිරීමත් එසේම මඤ්ඤොක්කා තම්බන විට එහි විෂ සහිත බවක් වේ නම් එය නැති කිරීම සඳහා මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේ එයට එක් කර ගත හැකිය. ඒවාගේම අච්චාරු සෑදීමේදී එය ඉක්මනින් පැසවීම සඳහා මුරුංගා පොත්තක් එයට එකතු කර ගත හැකිය.

         පණුරෝග, බඬේ ගල්, මුත්‍රා ආසාදන, අස්ථි ආබාධ, හෘදය ආශ්‍රිත රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග , කැස්ස, ඇදුම ආදී  රෝග රැසකට මුරුංගා ඖෂධයකි. මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ,පොස්පරස්, ඛණිජ ලවණ වැනි ගුණ රාශියක් පවතී.

       තවද  සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසිදු කිරීම සඳහා මුරුංගා කරලේ ඇට භාවිතයට ගනී.අපගේ ආහාර රටාවට මුරුංගා එළවළුවක් මැල්ලුමක් ලෙස එක්කර ගැනීමෙන් නීරෝගීමත් ජීවන පැවැත්මක් පවත්වා ගත හැකි වේ.









ගලේකොටුව බැන්දයි තිරිකුණාමලේ

         ගලේකොටුව බැන්දයි තිරිකුණාමලේ


මලේ  මලේ තැඹිිලිය වැන්න පොල්      මලේ 
රළේ රළේ මුහුදින් දමන දිය             රළේ
බලේ බලේ රාසිං දෙවින්ගෙ             බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා         මලේ
      
       ත්‍රිකුණාාමලය සංචාරකයන්ගේ නෙත් සිත් ඇද ගන්නා සියලු දෙයක්ම ඒකරාශී වූ සංචාරක ගමනාන්තයක් වේ. මහාවංශයට අනුව මහාතිත්ථ, ජම්බුකෝල පට්ටන වැනි ඉපැරණි වරායන් අතරට ගැනෙන අනෙක් වරාය ලෙස සැළකුණේ මහාවාලුකා නදී මුවදොර පිහිටි එවක ගෝකණ්ණ, ගෝකණ්ණ රට්ඨ  ගෝනගාමක, ගෝනක, ගෝන, ගෝනගම පට්ටන යන නම් වලින් හැඳින්වුණු වත්මන් ත්‍රිකුණාාමල වරායයි.
        බෞදධ ඉතිහාසයට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව සත් සතිය නිමවූ පසුව බුදුන් වහන්සේට මුණගැසුණු  තපස්සු භල්ලුක වෙළඳුන් මෙරටට ගොඩ බැස බුදුන් වහන්සේගෙන් ලබා ගත් කේෂ ධාතූන් තැන්පත් කර මෙම ප්‍රදේශයට ආසන්න ව විහාරයක් ගොඩනැගූ ප්‍රවෘත්තිය සඳහන් වේ. ත්‍රිකුණාාමලයට ඊසාන දිගින් තිරියායේ ඉදිකර ඇති ගිරිහඬුසෑය එම විහාරය ලෙස සැළකේ.
        එමෙන්ම විජයගේ ඇවෑමෙන් පසු ලක්දිව රජකමට පත් පණ්ඩුවාසුදේව රජුගේ අගමෙහෙසිය ලෙස සැළකූ භද්දකච්චායනා කුමරිය ගොඩ බැස්සේද ගෝකණ්ණ වරායෙන්ය. දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගෝනගාමක අසළ ලංකාපටුන නම් තොටුපලකට ගොඩබැසි බව ද සඳහන් වේ.
       ඈත අතීතයේ රුහුණු, මායා, පිහිටි ලෙසින් කොටස් 03කට බෙදී තිබූ ලංකාවේ රුහුණු දේශයේ  උතුරු මායිම  වශයෙන් ත්‍රිකුණාාමලය සැළකුණු අතර දෙවන සියවසේදී ටොලමි විසින් අඳින ලද ලංකා සිතියමෙහි මෙම වරාය නම් කර ඇත්තේ බොකන නමින්ය.
       ත්‍රිකුණාාමලයේ සංචාරකයින් ආකර්ෂණය කරන එක් වෙරළ තීරයක් වූ වනුයේ  නිලාවේලි දූපතයි. ත්‍රිකුණාාමලයට සැතපුම් බාගයක් පමණ ඔබ්බෙන් අනුරාධපුරයට දිවෙන මාර්ගයෙන් සැතපුම් බාගයක් පමණ පිටත සුප්‍රකට කින්යායි උණුදිය උල්පත් පිහිටා තිබේ.
      සෞන්දර්යයෙන් හා පෞරාණිකත්වයෙන් කැටිවුණු ත්‍රිකුණාාමලය ලක්දිවට ආභරණයක් වී හමාරය.

හිසට පළඳින , ඇසට පළඳින අව් කණ්ණාඩි....

                

                  හිසට පළඳින , ඇසට පළඳින අව් කණ්ණාඩි....

 




       ඔබ අව් කණ්ණාඩි පළඳින්නේ කුමන අරමුණක් සඳහා ද කියා යමෙකු විමසුව හොත් අව් කණ්ණාඩි පළඳින බොහෝ දෙනා පවසන්නේ හිරු එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා යැයි කියාය.

     විලාසිතාවක් සඳහා කණ්ණාඩි පළඳින්නේ වුව එක් අරමුණක් වනුයේ හිරු එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීමය. මෙලෙස එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීම අව් කණ්ණාඩි පළඳිනවා නම් ඒ සඳහා සුදුසු කණ්ණාඩි මොනවාද කියා අපි විමසා බලමු.

අපට ගැළපෙන අව් කණ්ණාඩි

     ශ්‍රී ලංකාවේ යම් පුද්ගලයෙකු අව් කණ්ණාඩි පළඳිනවා නම් පෙරවරු 10.00 ත් සවස 5.00 ත් අතර කාලය තුළ ලැබෙන හිරු එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා අව් කණ්ණාඩි පැළඳිය යුතුය. මෙම කාල සීමාව තුළ ලැබෙන හිරු එළියෙහි පාරජම්බුල කිරණ අගය 9ත් , 11ත් අතර සීමාවක පවතී.

මෙය යුරෝපා රටවලට ලැබෙන හිරු එළිය හා සසඳා බලන විට ඉහළ අගයකි. එම රටවලට ලැබෙන හිරු එළියෙහි පාරජම්බුල කිරණ අගය 3-5 ත් අතර සීමාවක පවතී.

      නිතරම හිරු එළියට නිරාවරණය වන අයුරින් එළිමහනේ මහ මග කටයුතු කරන අය පැළඳිය යුතු සුදුසුම අව් කණ්ණාඩි වර්ගය වනුයේ හිරු කිරණ, 60% ක් පමණ උරාගන්නා අව් කණ්ණාඩි යුගළයකි. මෙම අව් කණ්ණාඩි ශ්‍රේණි අංක 01 ලෙස හඳුන්වයි.

මෙම අව් කණ්ණාඩි සවස් කාලයේදී පැළඳීම අපහසුය. ඇසට ලැබෙන ආලෝක කිරණ ප්‍රමාණය අවම නිසා අඳුරු බව වැඩිවේ.

        දහවල් 12.00 ට පෙර සහ සවස 3.00 න් පසු අව් කණ්ණාඩි පළඳින අය ශ්‍රේණි අංක 02ට අයත් හිරු කිරණ 40% ක් පමණ උරාගන්නා අව් කණ්ණාඩි පැළඳ්ීම කළ හැකිය. උදෑසන 10.00 ට පෙර සහ සවස 4.00 න් පසු පමණක් අව් කණ්ණාඩි පළඳින විට හිරු කිරණ 20% පමණ උරාගන්නා ශ්‍රේණි අංක 03ට අයත් අව් කණ්ණාඩි පැළඳීම කළ හැකිය.

හිස මත පළඳින අව් කණ්ණාඩි....

ඇතැම් දෙනා අව් කණ්ණාඩි ලෙස පළඳින්නේ නිසි ලෙස හිරු කිරණ උරා නොගන්නා කිසිඳු ප්‍රමිතියකින් තොරව නිපද වූ අව් කණ්ණාඩි වර්ගයි. මෙවැනි අව් කණ්ණාඩි පැළඳීම ඇස් දෙකට අහිතකරය. එනිසා මෙවැනි අව් කණ්ණාඩි පැළඳිය යුත්තේ හිසමත තබා ගැනීමට හෝ කරේ එල්ලා ගැනීමට පමණි.

එවැනි අව් කණ්ණාඩි සුදුසු වන්නේ තමා අව් කණ්ණාඩි පළඳින බවට අන් අයට ඒත්තු ගැන්වීමටයි.


බුදු දහමේ සුවය පතන සාමකාමී නළුවා .... ?



බුදු දහමේ සුවය පතන සාමකාමී නළුවා  .... ?

 

   චීන සම්ප්‍රදායික සටන් කලාව හොලිවුඞ් තිරයට ගෙන ඒමට දායක වූයේ 1970  ගණන් වල බෲස්ලි රඟපෑ චිත්‍රපටයන් හරහාය. මෙම චිත්‍රපට අතිශය ජනප්‍රිය වීමත් සමග දිගින් දිගටම චීන සම්ප්‍රදායික සටන් කලාව ඇතුළත් චිත්‍රපටයන් හොලිවුඩයේ නිපදවීය. මෙය යම් තරමක සීමා වූයේ  බෲස්ලිගේ හදිසි අභාවයත් සමගයි. එමෙන්ම හොලිවුඩය බිහි කළ වීරවරයන් එනම් සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආර්නෝල්ඞ් ස්වෙස්න්ජර් නිසාත් චීන සම්ප්‍රදායික සටන් කලාවට පසු බහින්නට විය. නමුත් 90 දශකය අග භාගයේදී හොලිවුඩයේ  ඉහළම සම්මාන උළෙල වන ඔස්කාර් සම්මාන උළෙලේ දී  “ ක්‍රචන් ටයිගර් හිඞ්න් ඩ්‍රැගන් ” චිත්‍රපටයට සම්මාන කිහිපයක් හිමිවීමත් , “චාර්ලිස් ඒන්ජල්ස් ” වැනි චිත්‍රපටයන් ජනප්‍රිය වීමත් සමග නැවතත් චීනයේ සම්ප්‍රදායික සටන් කලාව ඇතුලත් චිත්‍රපටවලට හොඳ කාලයක් එළඹෙන්නට විය.

මෙහිදී බෲස්ලි මෙන් සටන් කලාවේ ප්‍රවීණයන් හොලිවුඩයට නොසිටියත් සම්ප්‍රදායික සටන් කලාව ප්‍රගුණ කළ නවකයන් මෙම චිත්‍රපටවලට එක් විය.

මේ අතරින් ජෙට්ලී ඔහුගේ නවතම චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ප්‍රබල නළුවෙකි. ඔහු රගපෑ               “ හීරෝ ”  චිත්‍රපටයේ රංගනය වඩාත් හොඳින් ඉස්මතු වී ඇත.

සම්ප්‍රදායික සටන් කලාවේ ප්‍රවීණයෙකු වූ ජෙට්ලි වයස අවුරුදු එකොළහ වන විට චීනයේ ජාතික වූෂූ ශූරයා විය.

ජීවිතයේ අතිධාවනකාරී චරිතාංග රැල්ල වෙනුවට ආධ්‍යාත්මික  මග තෝරා ගත් ඔහු හොඳ බෞද්ධයෙකි. අතීතය හෝ අනාගතය පිළිබඳ දුක් නොවන ඔහු ජීවිතයේ රළු කටුක බව අවබෝධ කර ගෙන ඇත.


නැගෙනහිර වෙරළේ පාරාදීසය ආරුගම්බේ ....

                         නැගෙනහිර වෙරළේ පාරාදීසය

                                   ආරුගම්බේ ....

       ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරම්භ වූ මුල් අවධියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කළ ප්‍රධාන සංචාරක නිෂ්පාදිතය වූයේ සදා හිරුරැසින් නැහැවුණු සුන්දර වෙරළ තීරයයි. 1930 ගුරම් ලෑමෙන් අනතුරුව හිරු රැස් විඳීම සඳහා එවක එම සංචාරකයන් දිව ගිය වෙරළ තීරයන් වූයේ මීගමුව, ගල්කිස්ස, බේරුවල, හික්කඩුව, උණවටුන වැනි නිරිතදිග වෙරළ තීරයන්ය. වර්තමානයේ වුවද ශ්‍රී ලංකාව පිළබඳ තවමත් විදෙස් සංචාරකයන් අතර වැඩිපුරම ප්‍රචලිත ව ඇත්තේ වෙරළ සංචාරක ගමනාන්තයක් වශයෙනි.

       ශ්‍රී ලංකාව වටා පිහිටි නොගැඹුරු රමණීය මුහුදු තීරයන් ගැන කථා කරන නැගෙනහිර පළාතේ පවතින සුන්දර වෙරළ  තීරයන් ගැන අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය ආරම්භ කළ 70 දශකයේ හා 80 දශකයේ මුල් කාලයේදී සංචාරකයන් වැඩි වශයෙන් නැගෙනහිර වෙරළ තීරය කරාද ඇදී ඒම ආරම්භ වූ අතර මේ නිසාම නිලාවේලි , පාසිකුඩා හා ආරුගම්බේ වෙරළ තීරය ද සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රමුඛතාවය ලබා ගැනීමට සමත් විය.

       මුහුදේ පිහිනීම රුවල් ඔරු පැදීම මුහුදු රළ මත ලිස්සා යාම වැනි සංචාරකයන් ප්‍රිය කරන ත්‍රාසජනක ජල ක්‍රීඩා සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ආරුගම්බේ වෙරළ සමත් වී තිබේ.  ලෝකයේ ප්‍රමුඛ පෙළේ මුහුදු රළ මත ලිස්සා යාමේ සුදුසු ස්ථාන අතරින් 10 වන ස්ථානය ලෙස පිළිගැනීමට පාත්‍ර වී ඇත.

       හාරදහසකට ආසන්න ජනගහනයක් වෙසෙන ආරුගම්බේ ප්‍රදේශයේ වැඩි දෙනෙකුගේ ජීවනෝපාය වනුයේ ධීවර කර්මාන්තයයි. අනෙක් ප්‍රධාන ජීවනෝපාය  ලෙස සැළකෙනුයේ ගව පාලනය හා ගොවිතැනයි. ආරුගම්බොක්ක කෙළවරේ පිහිටි උල්ලෙකුඩා ධීවර ගම්මානයේ ජනතාව මෙන්ම මීගමුව ප්‍රදේශයේ සිට පැමිණෙන සංක්‍රමණික ධීවරයන්ද ධීවර කර්මාන්තයේ යෙදෙන කාල සීමාව වී තිබුණ
ද සංචාරක ව්‍යාපාරය හා ධීවර කර්මාන්තය ගැටුමකින් තොරව සහජීවනයෙන් පවත්වාගෙන යාම මෙහිදී දැකිය හැකි ලක්ෂණයකි.

        ආරුගම්බේ ප්‍රදේශයේ අගනා සංචාර ආකර්ෂණ රැසක් පිහිටා ඇති බව අමතක කළ යුතු නොවේ. සොබා සුන්දරත්වය විඳ ගැනීමට යා යුතු ප්‍රධාන ජාතික වනෝද්‍යාන දෙකකි. එම වනෝද්‍යාන වන කුමන හා ලාහුගල පිහිටා ඇත්තේ ආරුගම්බේ ආසන්නයේය. එදා විහාරමහාදේවී ගොඩබට ස්ථානය ලෙස සැළකෙන  මුහුදු මහා විහාරය මෙන්ම කාවන්තිස්ස රජු විහාරමහාදේවීය හා ගිවිස ගත් ස්ථානය ලෙස සැළකෙන   මඟුල් මහා විහාරය ද පිහිටියේ ආරුගම්බේ ආසන්නයේය.

ආරුගම්බේ වෙරළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක කලාපයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.



ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය....

ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය....

   අදින් වර්ෂ 33000 කට පෙර ලක් දෙරන ඉපිද සූර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙය වූ කතරගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිංහ ආදී රණකාමි රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන අංගම්පොර නම් වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිම සටන් කලාව ද වන්නේය.

   ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය අපගේ තෙද බල බිඳැ දමනු වස් වර්ෂ 1827 දී බි්‍රතාන්‍ය පාලන අධිකාරිය මෙය තහනම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පය දැන උගත්තවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තබන්නට පවා නියෝග කළහ.

   මෙසේ විනාශ කරන්නට යෙදුණ මේ අගනා ශිල්පය ඉන්පසුව අතිශය රහසිගතව නර්තනය සමඟ මුහුවෙමින් පාරම්පරිකව ප්‍රගුණ කරමින් වර්තමාය දක්වාම ජීවිත  පරිත්‍යාගයෙන් සටන් ශිල්පීන් නොනැසී රැකගෙන ආරක්ෂා කරමින් පවත්වාගෙන එන ලදී.


Tuesday, July 11, 2017

රටඉඳි කනව නම් දැන ගන්න...


 රටඉඳි කනවද.....

 

    රසවත් ආහාරයක් මතක් කරන්න කීවොත් ඉක්මනින් මතකයට නැගෙන පලතුරක් තමයි රටඉඳි කියන්නේ. කෙට්ටු අයට තම ශරීර බර වැඩි කර ගන්න රටඉඳි කදිම ඔසුවක්.
    දිනකට රටඉඳි මදුළු 07ක් ආහාරයට ගන්නවා නම් එහෙමත් නැතිනම් රටඉඳි ඇට ඉවත් කරල මදුළු 07ක පමණ ප්‍රමාණයක් එළකිරිත් එක්ක දිනපතා බොනව නම් ශරීරයේ බර වැඩි කර ගන්නත් ශරීරය මහත් කර ගන්නත් පුළුවන්. මීට අමතරව මෙම ප්‍රතිකර්මය කිරීමෙන් සමේ පැහැයත් වර්ධනට කරනවා.
     රටඉඳිවල තිබෙන කෙඳි ස්වභාවය නිසාම පහසුවෙන් මල පිට කිරීමේ ගුණයක් පවතිනවා. ආහාර ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා  මගහරවන්න වගේම ආමාශගත පිළිකා අවදානම වළක්වන්නත් රටඉඳි ඉතාම ගුණදායකයි.
     කාර්යබහුල රැකියා කරන කෙනෙක් නම් ශාරීරික මානසික පීඩනය අඩු වෙන්න රටඉඳිවල ඖෂධීය ගුණය හේතු වෙනවා. මීට අමතරව වැළදුණු හෘදයාබාධ සුව කරන්නත්, හෘදයාබාධ වැළදීමේ අවධානම නැති කරන්නත් රටඉඳිවලට හැකියාවක් පවතිනවා.
දත් කැක්කුම, විදුරුමස් දියවීම , මුත්‍රා ආසාදන ආදී රෝග සඳහා රටඉඳි අත්දුටු ඔසුවක්.

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...