Sunday, July 30, 2017

තොටගමුවේ සිරි රහල් හිමි ගැන ඔබ නොදත් ඉතිහාසය....

තොටගමුවේ සිරි රහල් හිමි ගැන ඔබ නොදත් ඉතිහාසය....

 


     ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයා අතර ගෞරවාදරයට පත් සංඝ පීතෘවරයේ වරයෙක් ලෙස ෂඞ්භාෂා පරමේෂ්වර   තොටගමුවේ ශ්‍රි රාහුල හිමියන් හඳුන්වා දිය හැකිය. උන්වහන්සේ අවසාන කාලය ඇල්පිටිය, අම්බන පිහිටි ඉඳුරුගිරි ලෙනෙහි වැඩ විසූ බවට ඉතිහාස ග්‍රන්ථ සඳහන් කරයි.

      භූ විද්‍යාත්මක වශයෙන් ඉතාමත් ආරක්ෂිත කඳු වළල්ලකින් වටවී ඇති ඉඳුරුගිරි ලෙන සමාජ, ආගමික, ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විතයි.

      වර්ෂ 1476 දී රාහුල හිමිපාණෝ ඇල්පිටිය, අසබන ප්‍රදේශයට වැඩම කරන්නේ 2 වන ජයබාහු කුමරු සහ සපුමල් කුමරු අතර රාජ්‍යත්වය පිළිබඳ ගැටුමෙන් අනතුරුවයි. සපුමල් කුමරු යාපනයේ කැරැල්ල නිමාකර පැමිණෙන විට 2වන ජයබාහු කුමරු රාජ්‍යත්වයට පත්ව සිට ඇත. සපුමල් කුමරු ද්‍රවිඩ පුද්ගලයෙකි. »» වන ජයබාහු කුමරු සමග ගැටුමක් ඇතිකර ගනී. අවසානයේදී සපුමල් කුමරු »» වන ජයබාහු කුමරු මරා දැමුවේය.  2 වන ජයබාහු කුමරුගේ සහයට සිටි රාහුල හිමියන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට සපුමල් කුමරු ඇතුළු පිරිස කටයුතු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

        එයට හේතුව වූයේ උගත් හිමි නමක වීම සහ නකෂත්‍රයේ පරතෙරට ගිය හිමි නමක වීම රාහුල හිමිගේ අවශ්‍යතාවය රාජ්‍යත්වයට යොදාගත හැකි වීමයි. එකල තොටගමුව තෙල්වත්ත රන්පත් රජමහා විහාරය දකුණු ආසියාවේ එකම උසස් අධ්‍යාපන ආයතනය විය.එහි උපකුලපති වූයේ තොටගමුවේ රාහුල හිමියන්ය. පසුව රාහුල හිමි මොණරාගල, වීරකැටිය, බද්දේගම ආදී ප්‍රදේශ හරහා  අම්බනට පළාවිත් වාසය කර තිබේ. උන්වහන්සේ සමග පැමිණි පිරිස සිල්වත්ගොඩ, මහම්මයිදුව, ගනේගොඩ, අම්පිටිය, කපුගෙවත්ත, මලපලාවත්ත, දෙය්යන්ගෙ කුඹුර ආදී ගම් ජනාවාස කොට ගනිමින් රාහුල හිමියන්ට දානාමානාදියෙන් සංග්‍රහ කරමින් වාසය කර ඇති බව ජනප්‍රවාදය සාක්ෂි දරයි.

         ගැටබරු දේවාලය ද අම්බන ඉඳුරුගිරි ලෙනට සම්බන්ධයක් පවතින බව චීන ඉතිහාස ග්‍රන්ථ සඳහන් කරයි. රඡ්ජුරු බණ්ඩාර කුමරු ගැටුමකින් මරණයට පත්විය. ඔහුගේ දේවත්වය සංකේතය ලෙස සලකනු ලබන්නේ මෙම ඉඳුරුගිරි ලෙනයි. මෙවන් මනා සැගවුණු ඉතිහාසයක් මෙම ලෙන සම්බන්ධයෙන් ඇති බව විහාරවාසී චන්දිම හිමියෝ පවසති.

         මෙම ලෙන පිළිබඳව චීන ඉතිහාස ග්‍රන්ථයට වෙනස් වූ කතාන්දරයක් ජනප්‍රවාදයේ පවතින බව විහාරවාසී පූජ්‍ය ජුලංගැටේ චන්දිම හිමියෝ පැවසූහ.

         නක්ෂත්‍රය පරතෙරට ගිය රාහුල හිමියන් තමන්ගේ මරණය සිදුවන මොහොත පූර්වයෙන් දන්නා බැවින් දේහය දිගු කලක් සුරක්ෂිතව තබා ගැනීම සඳහා සිද්ධාලෝක රසය නම් ඹෟෂධය වැළදූ බව සඳහන් වේ.

         එසේම ඡන්තාගර වතට වැඩම කළ රාහුල හිමියන් නියමිත වෙලාවට පිටතට ගැනීමට නොහැකි වීමෙන් උන්වහන්සේ අපවත් වී තිබේ. ඡන්තාගර වත යනු බෙහෙත් දුම හා බෙහෙත් ඇග ගල්වාගෙන සිටින බෙහෙත් ගබඩාවක් වැනි ස්ථානයකි.

 

 

          විනය පොතෙහි සඳහන් වන්නේ ඡන්තාගර වතට යන විට විශ්වාසවන්තම ගෝලයා ළඟ තබාගෙන එයට ඇතුල් වන ලෙසයි.  විහාරවාසී පූජ්‍ය ජුලංගැටේ චන්දිම හිමි පවා සඳහන් කරන්නේ විශ්වාසවන්තම ගෝලයා වූ පුංචි ඉත්තාට රාහුල හිමියන්ව ඡන්තාගර වතින් එළියට ගැනීමට අමතක වී උන්වහන්සේ වර්ෂ 1491 දී අපවත් වූ බවයි. පෘතුගීසීන් විසින් රාහුල හිමිගේ නොදිරන දේහය පියතුමාගේ දේහය සේ සළකා ගෝව නගරයේ බොම්ජේසු දේවස්ථානයේ තබා ඇතිබව ජනප්‍රවාදයේ සඳහන්ය.

එහෙත් බෞද්ධ ජනයාගේ විශ්වාසය එම දේහය රාහුල හිමිගේ නොදිරන ලද දේහය බවයි.


No comments:

Post a Comment

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...