Sunday, July 30, 2017

තල් අරණේ සුන්දර ලෝකය....

 තල් අරණේ සුන්දර ලෝකය

                                  යාපනය....

      උතුරු පළාතේ  ප්‍රධාන ලෙස සැලකෙන යාපනය එහි වෙසෙන බහුතරයක් වූ ද්‍රවිඩ ජනතාව දෙමළ බසින් හඳුන්වනු ලබන්නේ යාල්පානම් නමිනි. ශ්‍රී ලංකාවේ වියළි කලාපයට අයත් යාපන අර්ධද්වීපයේ දිගු ඓතිහාසික පසුබිමකින් ද සමන්විතයි. ඈත අතීතයේ නාග වන්දනයට ද විශේෂයෙන් වාණිජ කටයුතුවල යෙදුණු නාග ගෝත්‍රිකයන් යාපන අර්ධද්වීපයේ විසූ බව සැළකෙන අතර එම නිසා එම අර්ධද්වීපය නාගදීපය වශයෙන් ප්‍රකට ව පැවති බව ද පැවසේ. මහාවංශයේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩමකර ඇත්තේ ද චූලෝදර මහෝදර යන නාග වංශික රජුන් දෙපොලකගේ ආරවුලක් විසඳීම සඳහාය.

      යාපන අර්ධද්වීපයේ දූපත් කිහිපයකින් සමන්විත වේ. කොළඹ සිට කිලෝමීටර 416 ක පමණ දුරකින් පිහිටි කයිට්ස් දූපත ඉන් විශාලතම දූපතයි. වර්ග කිලෝමීටර 64.3 භුමි වපසරියක් සහිත එහි 18000කට ආසන්න ජනගහණයක් වෙසෙති. වෙරළ තීරය උස් තල්ගස්වලින් පිරුණු ඩෙල්ෆ්ට් දූපත ද එහි නිදැල්ලේ හැසිරෙන අශ්වයන් නිසා වඩාත් ප්‍රකටය.

      නල්ලූර් කන්දසාමි  කෝවිල යාපන අර්ධද්වීපයේ පිහිටි ඉතා වැදගත් හා ප්‍රකට හින්දු ආගමික සිද්ධස්ථානයකි. මුරුගන් දෙවියන් සඳහා කැපවුණු මෙම හින්දු දෙවොල පළමුවෙන් ක්‍රි.ව. 904 දී පමණ කුරුක්කල් වලව් නම් ස්ථානයේ නැවත ගොඩනගා ඇති බවත් පැවසේ. කෝට්ටේ හය වන පරාක්‍රමබාහු රජ සමයේ සපුමල් කුමරා විසින් යාපනය ජය ගැනීමෙන් පසු තෙවන වතාවට මෙම කෝවිල ස්ථාපනය කර ඇති අතර 1505 දී ලක්දිවට පැමිණි පෘතුගීසීන් විසින් එය විනාශ කරන ලද බවද දැක්වේ.

       ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති ඕලන්ද බලකොටු අතරින් යාපන අර්ධද්වීපයේ ඇති හැමන්හීල් බලකොටුවට හිමි වන්නේ සුවිශේෂී තැනකි.  කරෙයිනගර් දූපතේ සිට සැතපුම් 2කට ආසන්න දුරකින් මුහුද මැද කුඩා දූපතක පිහිටි මෙම බලකොටුව ලන්දේසීන් විසින් තම වෙඩිබෙහෙත් ගබඩා කර තැබීමට පාවිච්චි කරන ලදි.

       යාපනය අර්ධද්වීපය තුළදී හින්දු කෝවිල් රැසක් මෙන්ම එම කෝවිල් ආශ්‍රිතව පැවැත්වෙන වාර්ෂික උත්සව හා පෙරහැරවල් ද දැකබලා ගැනීමට සංචාරකයන්ට නිතැන්ම හැකියාව ලැබේ.


4 comments:

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...