ගලේකොටුව බැන්දයි තිරිකුණාමලේ
මලේ මලේ තැඹිිලිය වැන්න පොල් මලේ
රළේ රළේ මුහුදින් දමන දිය රළේ
බලේ බලේ රාසිං දෙවින්ගෙ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා මලේ
ත්‍රිකුණාාමලය සංචාරකයන්ගේ නෙත් සිත් ඇද ගන්නා සියලු දෙයක්ම ඒකරාශී වූ සංචාරක ගමනාන්තයක් වේ. මහාවංශයට අනුව මහාතිත්ථ, ජම්බුකෝල පට්ටන වැනි ඉපැරණි වරායන් අතරට ගැනෙන අනෙක් වරාය ලෙස සැළකුණේ මහාවාලුකා නදී මුවදොර පිහිටි එවක ගෝකණ්ණ, ගෝකණ්ණ රට්ඨ ගෝනගාමක, ගෝනක, ගෝන, ගෝනගම පට්ටන යන නම් වලින් හැඳින්වුණු වත්මන් ත්‍රිකුණාාමල වරායයි.
බෞදධ ඉතිහාසයට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව සත් සතිය නිමවූ පසුව බුදුන් වහන්සේට මුණගැසුණු තපස්සු භල්ලුක වෙළඳුන් මෙරටට ගොඩ බැස බුදුන් වහන්සේගෙන් ලබා ගත් කේෂ ධාතූන් තැන්පත් කර මෙම ප්‍රදේශයට ආසන්න ව විහාරයක් ගොඩනැගූ ප්‍රවෘත්තිය සඳහන් වේ. ත්‍රිකුණාාමලයට ඊසාන දිගින් තිරියායේ ඉදිකර ඇති ගිරිහඬුසෑය එම විහාරය ලෙස සැළකේ.
එමෙන්ම විජයගේ ඇවෑමෙන් පසු ලක්දිව රජකමට පත් පණ්ඩුවාසුදේව රජුගේ අගමෙහෙසිය ලෙස සැළකූ භද්දකච්චායනා කුමරිය ගොඩ බැස්සේද ගෝකණ්ණ වරායෙන්ය. දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගෝනගාමක අසළ ලංකාපටුන නම් තොටුපලකට ගොඩබැසි බව ද සඳහන් වේ.
ඈත අතීතයේ රුහුණු, මායා, පිහිටි ලෙසින් කොටස් 03කට බෙදී තිබූ ලංකාවේ රුහුණු දේශයේ උතුරු මායිම වශයෙන් ත්‍රිකුණාාමලය සැළකුණු අතර දෙවන සියවසේදී ටොලමි විසින් අඳින ලද ලංකා සිතියමෙහි මෙම වරාය නම් කර ඇත්තේ බොකන නමින්ය.
ත්‍රිකුණාාමලයේ සංචාරකයින් ආකර්ෂණය කරන එක් වෙරළ තීරයක් වූ වනුයේ නිලාවේලි දූපතයි. ත්‍රිකුණාාමලයට සැතපුම් බාගයක් පමණ ඔබ්බෙන් අනුරාධපුරයට දිවෙන මාර්ගයෙන් සැතපුම් බාගයක් පමණ පිටත සුප්‍රකට කින්යායි උණුදිය උල්පත් පිහිටා තිබේ.
සෞන්දර්යයෙන් හා පෞරාණිකත්වයෙන් කැටිවුණු ත්‍රිකුණාාමලය ලක්දිවට ආභරණයක් වී හමාරය.

godaak watina article ekak
ReplyDelete