Sunday, July 30, 2017

බෞද්ධ දර්ශනයට අනුව විවේකය අර්ථ සම්පන්නව ගත කරන්නේ මෙහෙමයි.

    බෞද්ධ දර්ශනයට අනුව  විවේකය අර්ථ සම්පන්නව ගත කරන්නේ මෙහෙමයි.

     
       

 

විවේකයක් ලද විටකදී පුද්ගලයා එම විවේකය අර්ථ සම්පන්නව ගතකළ යුතු වේ. විවේකයක් ලද වි ටකදී ඇතැමුන් එය අර්ථ ශුන්‍ය ලෙස දමයි. එහිදී ඔවුන් විවේකය ගත කරන්නේ රාග ද්වේෂ මෝහ යන කෙළෙස් , මතුවන ආකාරයෙනි. බුදුන් වහන්සේ මග පෙන්වන්නේ  පුද්ගලයා විවේකයක් ලද විටකදී පාපී විනෝදයෙන් බැහැරව අර්ථ සම්පන්න ධාර්මික විනෝදයට පිවිස ධාර්මික ප්‍රීති සුවය හෙවත් ධර්මාස්වාදය ලැබිය යුතු බවයි. බෞද්ධයාට ධාර්මික විනෝදය ලද හැකි ආකාර දෙකකි. එනම්,  

 1. කේවල ධාර්මික විනෝදය ලද හැක. 

 2.සාමූහිකව ධාර්මික විනෝදය ලද හැක. 

ධාර්මික විනෝදය ලැබීම පිණිස බෞද්ධයාට අනුමත ධාර්මික ක්‍රියාමාර්ග සහ පිළිවෙත් රැසකි.
    

  විවේකය අර්ථ සම්පන්නව ගතකිරීම සඳහා බෞද්ධයාට කේවලව හෝ සාමූහිකව දස පුණ්‍ය ක්‍රියා වලට පිවිසිය හැකිය. එනම්, දානය, ශීලය, භාවනාව, පත්තිදාන, පත්තානුමෝදනා, වෛ්‍යියාවච්ච, අපචායන, ධම්ම දේසනා, ධම්ම සවන, දිට්ඨිජු කම්ම ආදියෙනි.
     දානය යනු දීමයි.ශීලය යනු කය හා වචනය සංවර කර ගැනීමයි. භාවනාව යනු සිත සමාධි ගත කර ගැනීමයි. පත්තිදාන යනුවෙන් අදහස් කරන්නේ පින් දීමයි. පින්අනුමෝදන් කිරීම පත්තානුමෝදනා නම් වේ. වතාවත් පිළිවෙත් කිරීම වෛ්‍යියාවච්ච නමින් හඳුන්වයි. පිදිය යුත්තන් පිදීම අපචායනයයි.ධර්ම දේශනා යනු යහපත් වූ ධර්මය දේශනා කිරීමයි. යහපත් වූ ධර්මය ශ්‍රවණය කිරීම ධම්ම සවන නම් වේ. පුද්ගලයා සමාජය පිළිබඳ නිවැරදි වූ දැක්මක් ඇතිකර ගැනීම දිට්ඨිජු කම්මයයි. මෙම පුණ්‍ය ක්‍රියා වලට කේවලව හෝ සාමූහිකව එක්වී ධාර්මික ජීවිත සුවය ලද හැකිය.
    විවේකය අර්ථ සම්පන්නව ගතකිරීම සඳහා බෞද්ධ ජනයා කේවලව හෝ සාමූහිකව එක් වී පොදු කටයුතුවල නිරත වේ. පෙරහැර, තොරණ, දන්සැල, පිරිත් පින්කම්, සංවිධානය කරයි. මල් පහන් පූජා, බෝධි පූජා පවත්වයි. තවත් සමහරු බොදු බැති ගී ගායනා කිරීම්, ජාතක කථා කියා දීම් හා ශ්‍රවණය කිරීම්, බෞද්ධ නාට්‍ය රග දැක්වීම්, සදහම් චාරිකා පංච තූර්ය වාදනය් පැවැත්වීම්, තුළින් ධාර්මික සුවය අත්විඳීති.
    ස්ථූප, බුදු පිළිම පිළිම ගෙවල්, වටදාගෙය, උපොසථාගාර, සන්නිපාතශාලා, ඉදි කිරීමට පෙළඹේ. එම වෙහෙර විහාර ආශ්‍රිතව මුරගල, දොරටු පාල රූප, පියගැට පෙළ, වාමන රූප, සඳකඩ පහන, වැළිමළුව ආදිය ඉදි කරනු ලබයි. මෙකී ක්‍රියාකාරකම් තුළින් බෞද්ධයාට ධාර්මික ජීවන ආශ්වාදය ලැබිය හැකිය.

No comments:

Post a Comment

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...