Saturday, July 29, 2017

මුරුංගා වල විශ්මිත ගුණ....

                     මුරුංගා වල විශ්මිත ගුණ.....

     

        බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය ගුණය අසාමන්‍ය ගුණ සමුදායකින් සමන්විත  වේ. වත්මන් තරුණ පරපුර එතරම් රුචිත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි. හේන් මුරුංගා, මස් මුරුංගා, වැට මුරුංගා, ඒ අතර කිහිපයකි. ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය වීමට මෙම ශාකයට හැකිය. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මුරුංගා ශාකය බහුලව දැකගත හැකිය. ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද තුනකි. එහිදී මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු ඖෂධ සඳහා යොදා ගනී.

       මුරුංගා විෂ නාෂක ඖෂධයකි. දැල්ලෝ, ඉස්සෝ වැනි ආහාර පිසින විටදී එයට මුරුංගා කොළ ටිකක් එකතු කිරීමත් එසේම මඤ්ඤොක්කා තම්බන විට එහි විෂ සහිත බවක් වේ නම් එය නැති කිරීම සඳහා මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේ එයට එක් කර ගත හැකිය. ඒවාගේම අච්චාරු සෑදීමේදී එය ඉක්මනින් පැසවීම සඳහා මුරුංගා පොත්තක් එයට එකතු කර ගත හැකිය.

         පණුරෝග, බඬේ ගල්, මුත්‍රා ආසාදන, අස්ථි ආබාධ, හෘදය ආශ්‍රිත රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග , කැස්ස, ඇදුම ආදී  රෝග රැසකට මුරුංගා ඖෂධයකි. මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ,පොස්පරස්, ඛණිජ ලවණ වැනි ගුණ රාශියක් පවතී.

       තවද  සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසිදු කිරීම සඳහා මුරුංගා කරලේ ඇට භාවිතයට ගනී.අපගේ ආහාර රටාවට මුරුංගා එළවළුවක් මැල්ලුමක් ලෙස එක්කර ගැනීමෙන් නීරෝගීමත් ජීවන පැවැත්මක් පවත්වා ගත හැකි වේ.









No comments:

Post a Comment

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...