Saturday, July 29, 2017

හිසට පළඳින , ඇසට පළඳින අව් කණ්ණාඩි....

                

                  හිසට පළඳින , ඇසට පළඳින අව් කණ්ණාඩි....

 




       ඔබ අව් කණ්ණාඩි පළඳින්නේ කුමන අරමුණක් සඳහා ද කියා යමෙකු විමසුව හොත් අව් කණ්ණාඩි පළඳින බොහෝ දෙනා පවසන්නේ හිරු එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා යැයි කියාය.

     විලාසිතාවක් සඳහා කණ්ණාඩි පළඳින්නේ වුව එක් අරමුණක් වනුයේ හිරු එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීමය. මෙලෙස එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීම අව් කණ්ණාඩි පළඳිනවා නම් ඒ සඳහා සුදුසු කණ්ණාඩි මොනවාද කියා අපි විමසා බලමු.

අපට ගැළපෙන අව් කණ්ණාඩි

     ශ්‍රී ලංකාවේ යම් පුද්ගලයෙකු අව් කණ්ණාඩි පළඳිනවා නම් පෙරවරු 10.00 ත් සවස 5.00 ත් අතර කාලය තුළ ලැබෙන හිරු එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා අව් කණ්ණාඩි පැළඳිය යුතුය. මෙම කාල සීමාව තුළ ලැබෙන හිරු එළියෙහි පාරජම්බුල කිරණ අගය 9ත් , 11ත් අතර සීමාවක පවතී.

මෙය යුරෝපා රටවලට ලැබෙන හිරු එළිය හා සසඳා බලන විට ඉහළ අගයකි. එම රටවලට ලැබෙන හිරු එළියෙහි පාරජම්බුල කිරණ අගය 3-5 ත් අතර සීමාවක පවතී.

      නිතරම හිරු එළියට නිරාවරණය වන අයුරින් එළිමහනේ මහ මග කටයුතු කරන අය පැළඳිය යුතු සුදුසුම අව් කණ්ණාඩි වර්ගය වනුයේ හිරු කිරණ, 60% ක් පමණ උරාගන්නා අව් කණ්ණාඩි යුගළයකි. මෙම අව් කණ්ණාඩි ශ්‍රේණි අංක 01 ලෙස හඳුන්වයි.

මෙම අව් කණ්ණාඩි සවස් කාලයේදී පැළඳීම අපහසුය. ඇසට ලැබෙන ආලෝක කිරණ ප්‍රමාණය අවම නිසා අඳුරු බව වැඩිවේ.

        දහවල් 12.00 ට පෙර සහ සවස 3.00 න් පසු අව් කණ්ණාඩි පළඳින අය ශ්‍රේණි අංක 02ට අයත් හිරු කිරණ 40% ක් පමණ උරාගන්නා අව් කණ්ණාඩි පැළඳ්ීම කළ හැකිය. උදෑසන 10.00 ට පෙර සහ සවස 4.00 න් පසු පමණක් අව් කණ්ණාඩි පළඳින විට හිරු කිරණ 20% පමණ උරාගන්නා ශ්‍රේණි අංක 03ට අයත් අව් කණ්ණාඩි පැළඳීම කළ හැකිය.

හිස මත පළඳින අව් කණ්ණාඩි....

ඇතැම් දෙනා අව් කණ්ණාඩි ලෙස පළඳින්නේ නිසි ලෙස හිරු කිරණ උරා නොගන්නා කිසිඳු ප්‍රමිතියකින් තොරව නිපද වූ අව් කණ්ණාඩි වර්ගයි. මෙවැනි අව් කණ්ණාඩි පැළඳීම ඇස් දෙකට අහිතකරය. එනිසා මෙවැනි අව් කණ්ණාඩි පැළඳිය යුත්තේ හිසමත තබා ගැනීමට හෝ කරේ එල්ලා ගැනීමට පමණි.

එවැනි අව් කණ්ණාඩි සුදුසු වන්නේ තමා අව් කණ්ණාඩි පළඳින බවට අන් අයට ඒත්තු ගැන්වීමටයි.


1 comment:

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...