Saturday, July 29, 2017

නැගෙනහිර වෙරළේ පාරාදීසය ආරුගම්බේ ....

                         නැගෙනහිර වෙරළේ පාරාදීසය

                                   ආරුගම්බේ ....

       ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරම්භ වූ මුල් අවධියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කළ ප්‍රධාන සංචාරක නිෂ්පාදිතය වූයේ සදා හිරුරැසින් නැහැවුණු සුන්දර වෙරළ තීරයයි. 1930 ගුරම් ලෑමෙන් අනතුරුව හිරු රැස් විඳීම සඳහා එවක එම සංචාරකයන් දිව ගිය වෙරළ තීරයන් වූයේ මීගමුව, ගල්කිස්ස, බේරුවල, හික්කඩුව, උණවටුන වැනි නිරිතදිග වෙරළ තීරයන්ය. වර්තමානයේ වුවද ශ්‍රී ලංකාව පිළබඳ තවමත් විදෙස් සංචාරකයන් අතර වැඩිපුරම ප්‍රචලිත ව ඇත්තේ වෙරළ සංචාරක ගමනාන්තයක් වශයෙනි.

       ශ්‍රී ලංකාව වටා පිහිටි නොගැඹුරු රමණීය මුහුදු තීරයන් ගැන කථා කරන නැගෙනහිර පළාතේ පවතින සුන්දර වෙරළ  තීරයන් ගැන අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය ආරම්භ කළ 70 දශකයේ හා 80 දශකයේ මුල් කාලයේදී සංචාරකයන් වැඩි වශයෙන් නැගෙනහිර වෙරළ තීරය කරාද ඇදී ඒම ආරම්භ වූ අතර මේ නිසාම නිලාවේලි , පාසිකුඩා හා ආරුගම්බේ වෙරළ තීරය ද සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රමුඛතාවය ලබා ගැනීමට සමත් විය.

       මුහුදේ පිහිනීම රුවල් ඔරු පැදීම මුහුදු රළ මත ලිස්සා යාම වැනි සංචාරකයන් ප්‍රිය කරන ත්‍රාසජනක ජල ක්‍රීඩා සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ආරුගම්බේ වෙරළ සමත් වී තිබේ.  ලෝකයේ ප්‍රමුඛ පෙළේ මුහුදු රළ මත ලිස්සා යාමේ සුදුසු ස්ථාන අතරින් 10 වන ස්ථානය ලෙස පිළිගැනීමට පාත්‍ර වී ඇත.

       හාරදහසකට ආසන්න ජනගහනයක් වෙසෙන ආරුගම්බේ ප්‍රදේශයේ වැඩි දෙනෙකුගේ ජීවනෝපාය වනුයේ ධීවර කර්මාන්තයයි. අනෙක් ප්‍රධාන ජීවනෝපාය  ලෙස සැළකෙනුයේ ගව පාලනය හා ගොවිතැනයි. ආරුගම්බොක්ක කෙළවරේ පිහිටි උල්ලෙකුඩා ධීවර ගම්මානයේ ජනතාව මෙන්ම මීගමුව ප්‍රදේශයේ සිට පැමිණෙන සංක්‍රමණික ධීවරයන්ද ධීවර කර්මාන්තයේ යෙදෙන කාල සීමාව වී තිබුණ
ද සංචාරක ව්‍යාපාරය හා ධීවර කර්මාන්තය ගැටුමකින් තොරව සහජීවනයෙන් පවත්වාගෙන යාම මෙහිදී දැකිය හැකි ලක්ෂණයකි.

        ආරුගම්බේ ප්‍රදේශයේ අගනා සංචාර ආකර්ෂණ රැසක් පිහිටා ඇති බව අමතක කළ යුතු නොවේ. සොබා සුන්දරත්වය විඳ ගැනීමට යා යුතු ප්‍රධාන ජාතික වනෝද්‍යාන දෙකකි. එම වනෝද්‍යාන වන කුමන හා ලාහුගල පිහිටා ඇත්තේ ආරුගම්බේ ආසන්නයේය. එදා විහාරමහාදේවී ගොඩබට ස්ථානය ලෙස සැළකෙන  මුහුදු මහා විහාරය මෙන්ම කාවන්තිස්ස රජු විහාරමහාදේවීය හා ගිවිස ගත් ස්ථානය ලෙස සැළකෙන   මඟුල් මහා විහාරය ද පිහිටියේ ආරුගම්බේ ආසන්නයේය.

ආරුගම්බේ වෙරළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක කලාපයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.



1 comment:

  1. arugambe is a most beautiful sea side in our sri lanka.good

    ReplyDelete

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...