Tuesday, August 1, 2017

රටට අහිමි වූ සිනමා විශ්ව කෝෂය...

                   රටට අහිමි වූ සිනමා විශ්ව කෝෂය... 

 

        සිනමාව හා කලාකරුවා ඇතුලත් සමීකරණය සමපාත කළ අයෙක් වේ නම් ඒ අන් කවරෙක් නොව තිස්ස අබේසේකර නම්වූ විශිෂ්ඨ ප්‍රතිභාපූර්ණ කලාකරුවාය. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන මිත්‍යාවකට පෙරළමින් තිස්ස අබේසේකරයෝ කලාකරුවා යන වදනට සුදුසුම ප්‍රතිබිම්බය සැකසුහ.

          ආචාර්ය අබේසේකරයන් සිංහල සිනමාව කලාත්මක ගුණයෙන් ඉහළ තලයකට ගෙන එන්නට උරදුන් සිනමාකරුවන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගෙන ඇත. එතුමන්ගේ භාෂා පාණ්ඩිත්වය, ලේඛන නිපුණත්වය, මාධ්‍ය ප්‍රවීණත්වය හෝ සිනමා විශිෂ්ඨත්වය පිළිබඳ අප්‍රමාණ දෑ කියන්නට ඇත. එතුමා සිනමාවට අත්පොත් තැබුවේ විචාරකයෙකු ලෙසයි. ජීවිතය හා සමාජ හැඩරුව විිනිවිදීමේදී ඔහු ප්‍රකට කළ සංවේදී බවත් අපූර්ව පරිකල්පන ශක්තියත් රූප ඥානයත් ඔහුගේ තිරනාටක ප්‍රබල කරන්නට මූලික වූ හේතු සාධක විය.

            තිස්ස අබේසේකරයන්ගේ ගම් පෙරළිය –අතිරේක දෙබස් රචනය, දෙලොවක් අතර – දෙබස් රචනය, බඩුත් එක්ක හොරු – කතාව දෙබස් තිර රචනය, අක්කර පහ- තිර රචනය, වැලි කතර - කතාව දෙබස් තිර රචනය , නිධානය - තිර රචනය, වන රාජ - තිර රචනය , කළුදිය දහර – දෙබස්  තිර රචනය, ලෝක හොරු - දෙබස් තිර රචනය අධ්‍යක්ෂණය, වීර පුරන් අප්පු – දෙබස් තිර රචනය, ගග අද්දර- කතාව දෙබස් තිර රචනය, කරුමක්කාරයෝ - තිර රචනය සහ අධ්‍යක්ෂණය, මහ ගෙදර - කතාව දෙබස් තිර රචනය  සහ අධ්‍යක්ෂණය, විරාගය - දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය වැනි අංශයන් සිනමා නිර්මාණ අතර වූ විශිෂ්ඨත්වය කියාපාන්නකි.

          තිර රචනය සහ අධ්‍යක්ෂණය යන අංශ පමණක් නොව තිස්ස අබේසේකරයෝ රංගනය වෙනුවෙන්ද සිය ප්‍රතිභාපූර්ණ කලාකාමිත්වය ප්‍රගුණ කරන්නට විය. වීර පුරන් අප්පු, මහ ගෙදර, පරසතුරෝ, වත්සලා අක්කා, අම්මාවරුණේ, යන සිනමා නිර්මාණ සඳහාද මන්දාරම් එළි, යුග විලක්කුව, සමුගත් වසන්තය, උතුවන්කන්දේ සරදියෙල් යන ටෙලි නිර්මාණ සඳහාද සිය රංගන දායකත්වය ලබා දී ඇත.

         තිස්ස අබේසේකරයන්ගේ ප්‍රතිභාපූර්ණභාවය අගය කරනු වස් එතුමන් සම්මානයට ලක් වූ වාර අපමණය. ඒ අතර විශිෂ්ඨතම අධ්‍යක්ෂණය වෙනුවෙන් මහ ගෙදර සඳහා සරසවි සම්මානයද, විරාගය සඳහා සරසවි සම්මානය ,   OCIC  සම්මානය හා ස්වර්ණ සංඛ සම්මානය හිමිවිය. විශිෂ්ඨතම දෙබස් රචනය  සඳහා දෙලොවක් අතර සම්මානයට පාත්‍රවිය.

       විශිෂ්ඨතම තිර නාටක රචනය වෙනුවෙන් නිධානය විරාගය මහ ගෙදරගග අද්දර, අහසින් පොළොවට, බිනරමලී යනාදී නිර්මාණ සම්මානයෙන් පිදුම් ලැබුවේය. එපමණක් නොව වීර පුරන් අප්පු , මහ ගෙදර හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ විශිෂ්ඨ ප්‍රතිභාපූර්ණභාවය ප්‍රතීයමාන කරමිනි.

අධ්‍යක්ෂණය කළ වාර්තා කෙටි චිත්‍රපට අතර අපේ ලංගම, සහන් එළිය, ඉර සඳ ගල, ගමන, ගොයම් ක ැපුම, මට තාම මතකයි, මැවිලා පෙනේවි, විමුක්ති හඬ යන නිර්මාණ ප්‍රමුඛ වේ.

      අබේසේකරයෝ කලාකාමිත්වය අතින් ඉහළ ස්ථානයකට ලාංකීය නිර්මාණ ඔසවා තැබීමට මහත් පරිශ්‍රමයක් ගත්හ. කලා ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතය ද වගකීම් යුතුකම් ඉටු කළ විශිෂ්ටයෙකි. ලාංකීය කලා කෙත පෝෂණය කරනු වස් තිස්ස අබේසේකරයන් වැනි කලාකරුවන් අවැසි කාලය උදා වී ඇත.


2 comments:

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...